Cooperative Hospital, Kurunegala

පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්

  ☎  037-2222464, 037-2056765

ප්‍රධානපිටුව අපගැන පහසුකම්සේවා චැනල් සේවා හෙදවිදුහල සාමාජිකත්වය ඡායාරූප සහතික වෘත්තීයඅවස්ථා ඉදිරිසංවර්ධන අපඅමතන්න

අභිමානවත් ගමන් මග...

ඒ 1951 වර්ෂයයි.
     වයඹ පුරවරය කෙමෙන් ජනාකීර්ණ වෙමින් පැවති මේ යුගයේ ගිලන් වූ ජනීජනයා තම රෝගී තත්වයන්ට පිළිසරණ සොයා ඇදී එන්නට වූයේ එවකට ගිලානෝපස්ථානය සඳහා තිබූ එකම රෝහල වූ කුරුණෑගල මහ රෝහල වෙතටයි. සිව් දෙසින් පැමිණි ජනතාවගෙන් රෝහල පිරී යද්දී ඇති වූ තදබදය නිසා ඇතැමුන්ට තම අවස්ථාව පැමිණෙන තෙක් දිගු කාලයක් අඩු පහසුකම්වලින් සමන්විත රෝහල් පරිශ්‍රයේ ගත කරන්නට සිදු විය.
     මේ දෙස සංවේදී මනසින් යුතුව නෙත් යොමා සිටි ජනහිතකාමී මිනිසෙකු විය. මෙදෙස දිගු වේලාවක් බලාහුන් හෙතෙමේ තම නිවසට ගොස් කල්පනා කරන්නට විය. ජනතාවට මීට වඩා සාධාරණ ලෙස හා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාවක් තිබේ නම් කොතරම් අගනේදැයි ඔහුට කල්පනා වූවා විය හැකිය. මඳ වේලාවක් මේ ගැන සිතමින් සිටි මේ ජනහිතකාමී උතුම් මිනිසා තීරණයකට එළඹියේය. වහා හුනස්නෙන් නැගී සිටි හෙතෙම තම දයාබර බිරිඳට කතාකොට තමාගේ සිතෙහි ජනිත වූ අදහස ඇය ඉදිරියේ කියා පෑවේය. තම ආදරබර ස්වාමියාගේ වචනයට පිටින් නොයන ඕ තොමෝ එම අදහස මහත් සොම්නසින් යුතුව පිළිගෙන දෙදෙනාගේම එකමුතුවෙන් තීරණයකට එළඹියහ.
     ඒ අනුව, වයඹ පළාතේ විසූ කීර්තිමත් ප්‍රභූවරයෙකු මෙන්ම මලියදේව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ ද, 1965-1970 සමයේ ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍යවරයා වූ ද දිවංගත යූ.බී. වන්නිනායක ශ්‍රිමතාණන්ට හා එතුමාගේ දයාබර බිරිඳ වූ දිවංගත චන්ද්‍රා වන්නිනායක මැතිණියට අයත් දේපලක් පරිත්‍යාග කරමින් කුරුණෑගල සමුපකාර රෝහලේ මූලාරම්භය සනිටුහන් කරන ලදී.

     1951 වර්ෂයේදී සාමාජිකයින් 48 ක් හා සේවකයින් 06 දෙනෙකුගේ සහභාගිත්වයෙන් "ඇතුගල්පුර සමුපකාර ආරෝග්‍යශාලා සමිතිය"යන නමින් ආරම්භ කර ඇති මෙම රෝහල බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමට පමණක් සීමා වූවකි. සමිතියේ ලියාපදිංචිය ද එනමින් සිදුකොට ඇත.
     1972 අංක 05 දරණ සමුපකාර පනතින් සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කර නැවත ලියා පදිංචි කිරීම යටතේ 1975.04.22 දින KU/1572 අංකයෙන් සී/ස කුරුණෑගල සමුපකාර ආරෝග්‍යශාලා සමිතිය නමින් ලියාපදිංචි කර ඇත. එදා මෙදාතුර පත්වූ ගරු සභාපතිවරු, අධ්‍යක‍ෂවරු මෙන්ම සේවක කාරකාදීන්ගේ ද අප්‍රමාණ කැපවීම් තුලින් මෙම රෝහල ගොඩනැගී ඇති බව සියළු සාමාජිකයන් හා සේවකයින් නිරතුරුවම සිහිපත් කරයි.
     කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ පංති කාමරයක බොහෝ අපහසුවෙන් ඝනපූර්ණය සපුරමින් මහා සභාවන් පවත්වා ඇති අතර රෝහල දියුණු වීමත් සමග සාමාජිකත්වය ලබන පිරිස හා රෝහල පිළිබඳව උනන්දු දක්වන පිරිස වැඩි වීම සතුටට කරුණකි.
     2014.02.10 දින වර්තමාන ගරු සභාපති ජයපත්ම වන්නිනායක මහතාගේ අප්‍රතිහත ධෛර්ය තුළින් නව රෝහල් ගොඩනැගිල්ලේ (සිව් මහල්) පළමු අදියර ආරම්භ කිරීමෙන් පසු මෙම රෝහල වයඹ පළාතේ ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකරන ආයතනයක් බවට පත්ව ඇත.

අතීත සභාපතිවරු

යූ බී වන්නිනායක මැතිඳුන්
1951 - 1963

සී එම් බී බෝගොල්ලාගම මැතිඳුන්
1963 - 1969

එස් එම් ඒ සංගක්කාර මැතිඳුන්
1969 - 1971

ඊ එස් බාලසූරිය මැතිඳුන්
1971-1974/1977-1990

එස් බී කේ තිලකරත්න මැතිඳුන්
1974 - 1977

එච් බී විජේකෝන් මැතිඳුන්
1990 - 1991

ඩී එම් එස් දිසානායක මැතිඳුන්
1991 - 1992

සාලින්ද රැකව මැතිඳුන්
1992 - 1994

කේ ආර් ද සිල්වා මැතිඳුන්
1994 - 2000

වෛද්‍ය කමල් ජයසිංහ මැතිඳුන්
2000 - 2002

ඒ විජේසේකර මැතිඳුන්
2002

එස් ඩී ඊ ලෝරන්ස් මැතිඳුන්
2002 - 2003

ජේ බී ඒකනායක මැතිඳුන්
2003 - 2005

ටී එම්එල් තෙන්නකෝන් මැතිඳුන්
2005 - 2006

උපාලි රත්නායක මැතිඳුන්
2010 - 2011

සරත් මුනිදාස මැතිඳුන්
2011 - 2014

ජයපද්ම වන්නිනායක මැතිඳුන්
2006-2010/2015 සිට