පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්

  ☎  037-2222464, 037-2056765

ප්‍රධානපිටුව අපගැන පහසුකම්සේවා චැනල් සේවා හෙදවිදුහල සාමාජිකත්වය ඡායාරූප සහතික වෘත්තීයඅවස්ථා ඉදිරිසංවර්ධන අපඅමතන්න

සමූපකාර රෝහල

නිරතුරුවම ඔබ වෙනුවෙන්

මේ වන විට වයඹ පළාතේ ඇති එකම සමූපකාර රෝහල මෙන්ම දිවයිනේ විශාලතම සමුපකාර රෝහල ද වන්නේ අපගේ රෝහලයි. අපගේ අනාගත දැක්ම සකස්ව ඇත්තේ වසර 2020 වන විට බලප්‍රදේශය තුළ සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා බවට පත් විමටයි.
ඒ ආදායම උපරිමය කිරීම තුළින් නොව ඔබට වඩාත් සහනශීලි අයකිරීම් තුළින් ගුණාත්මක සුහදශීලී සේවාවක් ලබා දීම හා ඔබගේ උපරිම විශ්වාසය දිනා ගැනීම තුළින්ය. ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් අප සතුව ඇත. ඒ දියුණු සෞඛ්‍ය සේවාවක ලක්ෂණයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන, රෝග වලට ප්‍රතිකාර කිරීම නොව රෝග වලක්වා ගැනීම තුළින් නිරෝගිමත් ජාතියක් ගොඩනැගීමය.
ලංකාව වැනි රටක මෙය ඉතා බැරෑරුම් කාර්යයක්ව ඇත්තේ පරිසරය තුළින් රෝග වැළඳීම හා ව්‍යාප්ත වීම සිදුවන බැවිනි. එබැවින් මෙය අපට තනිව කළ නොහැක. සාමාජිකයා ප්‍රමුඛ සමස්ත ජනතාවට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම තුළින් නිවැරදි සෞඛ්‍ය පුරුදු ඔවුන් තුළ ඇති කිරීමෙන් මෙය කළ යුතුව ඇත.
කෙසේ වුවද වසර 2020 පසුකරන විට අප රෝහල තුළ අංග සම්පූර්ණ ශල්‍යාගාර ඒකකයක් (බයිපාස් සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, රුධිර කාණ්දුකරණය වැනි) දැඩි සත්කාර ඒකකයක් හා ඒ හා සබැඳුන සියළු උපකරණ ද, රෝග හඳුනා ගැනීමට භාවිතා වන සියළු වෛද්‍ය උපකරණ ද සහිත අංග සම්පූර්ණ රෝහලක් දැකිය හැකි වනු ඇත.
එයට අමතරව, සමාජිකයාගේ නිවසට ගොස් ප්‍රතිකාර සැලසීම, 100% නිවැරදි රසායනාගාර පරික‍ෂණ වාර්තා ඔබගේ පහසුව පරිදි සේවා ස්ථානයටම ලබා දීම, බල ප්‍රදේශයේ තරුණ - තරුණියන්ගේ රැකියා ප්‍රශ්න විසඳීම (හෙද විදුහල තුළින්) අප අරමුණු කර ඇති කාර්යයන් අතර ඇත.

බාහිර රෝගී අංශය OPD

පැය 24 සේවය

නේවාසික රෝගී ප්‍රතිකාර

පුහුණු කාර්‍ය මණ්ඩලය හා නවීන තාක්ෂණය

විශේෂඥ වෛද්‍ය සේවා

ක්ෂේත්‍ර ගණනාවක් සඳහා



ඔබට අවශ්‍ය වෛද්‍යවරයාගෙන් වෙලාවක් වෙන් කර ගැනීම සඳහා
ඊ චැනලින් සේවාව eChanelling



ඔබගේ අදහස් යෝජනා හා විවේචන අප වෙත යොමු කරන්න
kchhospital@gmail.com
ඔබගේ අදහස් යෝජනා හා විවේචන අප වෙත යොමු කරන්න
kchhospital@gmail.com
ඔබගේ අදහස් යෝජනා හා විවේචන අප වෙත යොමු කරන්න
kchhospital@gmail.com

>