පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්
පෞද්ගලික රෝහල් ජාලයේ පෙරගමන්කරු.
නිරතුරුවම ඔබ වෙනුවෙන්

  ☎  037-2222464, 037-2056765

ප්‍රධානපිටුව අපගැන පහසුකම්සේවා චැනල් සේවා හෙදවිදුහල සාමාජිකත්වය ඡායාරූප සහතික වෘත්තීයඅවස්ථා ඉදිරිසංවර්ධන අපඅමතන්න

සාමාජිකත්වය

රෝහල් හිමිකාරිත්වයේ කොටස්කරුවකු වී ඔබත් අභිමානවත් පුරවැසියන්ගේ ලැයිස්තුවට එකතු වන්න.

ඒ සඳහා ඔබ සපුරා ගතයුතු සුදුසුකම්:

වසය අවුරුදු 18 ට නොඅඩු සමිති බල ප්‍රදේශයේ (කුරුණෑගල දිස්ත්‍රික්කයේ) (පන්නල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හැර) ස්ථීර පදිංචිය.
ශ්‍රි ලාංකික පුරවැසියෙකු වීම.
ලිපි ද්‍රව්‍ය ගාස්තුව - රු. 100.00
කොටසක වටිනාකම - රු. 100.00
ඇතුලත් වීමේ ගාස්තු - රු. 400.00
සංවර්ධන අරමුදල - රු. 2000.00
එකතුව - රු. 2600.00
ඉහත අවශ්‍යතා සපුරා ගන්නා ඔබ සමිතියෙන් ලබා ගන්නා අයදුම් පත්‍රයක් සම්පූර්ණ කර බාර දීමෙන් පසු ගරු අධ්‍යක‍ෂ මණ්ඩල අනුමැතියෙන් පසු සී/ස. කුරුණෑගල සමුපකාර ආරෝග්‍යශාලා සමිතියේ හිමිකාරිත්වයේ කොටස්කරුවකු බවට පත්වන්නේය.


සාමාජිකත්වය ලැබූ ඔබට හා ඔඛෙන් යැපෙන්නන්ට ලබා දෙන විශේෂ වරප්‍රසාද

නේවාසික ප්‍රතිකාර ගන්නා විට කාමර ගාස්තු වලින් 40% ක වට්ටමක් ලබා දීම
නේවාසික ප්‍රතිකාර ගන්නා විට ඖෂධ සඳහා 20% වට්ටමක් ලබා දීම
සාමාජිකයා දින 07 ක් අඛණ්ඩව නේවාසිකව ප්‍රතිකාර ගත්විට එක් දිනක කාමර ගාස්තුව නොමිලේ ලබාදීම
සාමාජික සුව සායනයේදී සියළු පරීක‍ෂණ හා ප්‍රතිකාර නොමිලේ ලබා දීම
උපදේශන විශේෂඥ වෛද්‍ය සේවාවේදී රෝහල් ගාස්තුවෙන් 10% ක විශේෂ වට්ටම් ලබාදීම
සාමාජිකයාගේ දරුවන් රෝහලේ හෙද විදුහලට ඇතුළත් වනවිට ඇතුලත් වීමේ ගාස්තුවෙන් 25% වට්ටමක් ලබා දීම
ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට ඔසුසලෙන් ඖෂධ ලබා ගැනීමේදී 5% ක වට්ටමක් ලබාදීම
රෝහලේ රසායනාගාරයෙන් සිදු කරන පරීක‍ෂණ සඳහා 10% ක වට්ටමක් ලබා දීම


තැන්පත් සඳහා විශේෂ ප්‍රතිලාභ හිමිකම යැපෙන්නන් වශයෙන් සැලකෙන්නේ:

කලත්‍රයා
සාමාජිකයාගේ මව සහ පියා
වයස 21 ට අඩු පිරිමි දරුවන් අවිවාහක ගැහැණු දරුවන්